පාකිස්තානය පරදා ඉන්දියාවට පහසු ජයක්

0
8

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (14) රාත්‍රියේ පැවති තරගයෙන් පාකිස්තාන කණ්ඩායම පරාජය කර කඩුලු 7ක පහසු ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

‘ඒ’ කාණ්ඩයේ තරගයක් ලෙස ඩුබායි හිදී මෙම තරගය පැවැත්විණි.

පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානයට පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 127ක් පමණි.

ඒ අනුව ලකුණු 128ක පහසු ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී තිබියදී තරගයේ 16(15.5) පන්දුවාරයේදී ලකුණු 131ක් රැස්කර ජයග්‍රහණය සම්පූර්ණ කරගත්තේය.

මෙම ජයත් සමග ක්‍රීඩාකළ තරග දෙකම ජයගත් ඉන්දීය කණ්ඩායම තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැකගෙන සිටියි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here