වම්බටු මෝජුවක් හදමු..

0
14


වම්බටු මෝජුවක් ගෙදර හදන්න ගොඩක් කාන්තාවන් මැලි වෙනවා. ඒ නිසාම ගෙදර විශේෂ අවස්ථාවකදි පමනක් පිළියෙල කරන ආහාරයක් බවට වම්බටු මෝජු පත් වෙලා. නමුත් එදිනෙදා ගෙදර සාමාන්‍ය ආහාර වේලෙ රස වැඩි කර ගන්න ඔබට බොහොම පහසුවෙන් රසවත් වම්බටු මෝජුවක් මේ ආකාරයට, ගෙදරදීම හදා ගන්න පුලුවන්….

අවශ්‍ය ද්‍රව්‍ය

  • වම්බටු ග‍්‍රෑම් 500
  • රතු ළුණු ග‍්‍රෑම් 250
  • අමු මිරිස් ග‍්‍රෑම් 100
  • සුදුළුණු බික් 4 ක්
  • අගල් 1/2ක ඉගුරු කැබැල්ලක්
  • අබ කුඩු මේස හැදි 1 1/2
  • වියලි මිරිස් කුඩු මේස හැදි  2
  • සීනි මේස හැදි  2 (රස අනුව වෙනස් කල හැක)
  • ලූණු කුඩු රස අනුව
  • විනාකිරි මේස හැදි 4-5 (රස අනුව වෙනස් කල හැක)

පිළියෙල කරන ආකාරය

  1. වම්බටු තිරු කපා රන්වන් පාට වන තුරු බැදගන්න.
  2. ලෙලි හැරගත් රතු ළුණු තත්පර 30 ක් පමණ බැද ගන්න.
  3. අමු මිරිස් කරල් මැදින් කුඩා පැලූමක් දමා එයද තත්පර 30 ක් පමණ බැද ගන්න.
  4. දැන් වියලි මිරිස් කුඩු, අබකුඩු, සිනි, අඹරාගත් සුදුළුණු, අඹරාගත් ඉගුරු, ලුණු කුඩු සහ විනාකිරි එක්කර සියල්ලම හොදින් කවලමි කර ගන්න.
  5. අවසානයේ බැදගත් වම්බටු, රතු ළුණු සහ අමු මිරිස් මෙම මිශ‍්‍රණයට එකතු කරගෙන හොදින් කලවම් කර ගන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here