ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

0
19


ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා.

ඒ අනුව  බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත් සහ කුරුණෑගල, වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්ක සඳහා සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මේ හේතුවෙන් අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here