නිදහස් චතුරස්‍රයේදී ඉන්දීය අගමැති මහත් හරසරින් පිළිගනී

0
21


නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කොළඹ නිදහස් චතුරස්‍රයේදී අද පෙරවරුවේ මහත් හරසරින් පිළිගනු ලැබුවා.

පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය පැවැත්වුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පෙරවරු 09:15ට පමණ උත්සව භූමියට සම්ප්‍රාප්ත වුණා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට අතට අත දී සුහදශීලීව පිළිගැනීමෙන් අනතුරුව දෙරටේ ජාතික ගී වාදනයෙන් පිළිගැනීමේ උත්සවය ආරම්භ වුණා. 

Neth Sound · MODI 01

ඉන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍යයේ ගෞරවය පළ කිරීම සඳහා ආචාර වෙඩි මුර 19ක් පිරිනමනු ලැබුවා. 

Neth Sound · MODI 02

අනතුරුව යුධ හමුදාව විසින් පිරිනමන ලද සම්මාන මුරය රතු පලස මතින් ගොස් පිළිගත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පසුව දෙරට රාජ්‍ය නියෝජිතයන් හඳුනාගැනීමේ අවස්ථාවට එක්වුණා. 

එම අවස්ථාවට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය අචාර්ය එස් ජයශංකර් ඇතුළු එරට රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

ලක් රජය නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් එක්වුණා.  

එම පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියා.

එහිදී, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගෙන තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡාවල නිරත වීමට නියමිත ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ද්වීපාර්ශ්වික නියෝජිතයන් අතර පැවැත්වෙන හමුවට සහභාගි වීමටද නියමිතයි.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here