කොළඹ වරාය අවට මුහුදේ ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරුන්ට රටින් පිටවීම වළක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් සහ කොළඹ මහාධිකරණයෙන් නියෝග ලබාගෙන ඇතැයි නීතිපතිවරයා අද (26) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
ඒ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ක්‍රියාත්මක කර තිබෙන ආකාරය පරික්ෂා කිරීම සඳහා එම පෙත්සම් යළි කැඳවූ අවස්ථාවේදී ය.
ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් කැඳවනු ලැබීය.
2
Saru News










