ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් 25 දෙනෙකු මරුට

0
7

ගාසා තීරයේ රෆා නගරයේ ප්‍රදේශ කිහිපයක් වෙත ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවය.

නිවාස සහ අවතැන්වූවන් රැදී සිටි කූඩාරම් ඉලක්ක කර ගනිමින් මෙම ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් 2023 වසරේ ඔක්තෝබර් සිට මේ දක්වා කාලසීමාව තුල ඊශ්‍රායලය එල්ලකළ ප්‍රහාරවලින් ගාසා හී පුද්ගලයින් 64,800 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here