අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ නිවසක බලපත්‍ර රහිතව ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 2,200ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවකු හුංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හුංගම පොලිසිය වෙත ලැබුණ තොරතුරකට අනුව සිදු කළ වැටලීමක දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සහ පොලිස් භාරයට ගත් ඩීසල් තොගය අධිකරණ කටයුතු සඳහා අම්බලන්තොට පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.
අදාළ සැකකරු අද (22) හම්බන්තොට මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
0
Saru News
















