ඇමෙරිකාවට රත්තරන් නැති දවසක්

0
4

නිශ්මං රණසිංහ ,මාර්තු 22, කොළඹ LNW:

පෝලන්තයේ KujawyPomorz හී පැවත්වෙන ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා උළෙලේ දෙවන දිනයේ දී බලගතු ඇමෙරිකාවට එකඳු පදක්කමක් හෝ හිමී නොවිම කැපී පෙණුනා.ඔවුන් පළමු දිනයේ දිනා ගත් රන් පදක්කම සහ ලෝකඩ පදක්කමට අමතරව ඊයේ දිනයේ දී රිදී පදක්කම් 5 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනා ගන්නට සමත් වුණා.දවසේ වැඩිම පදක්කම් එකතු ඔවුන් සතු වුව ද පළමු තැන තීරණය වන රන් පදක්කම් වැඩි ප්‍රමාණයට ඇමෙරිකාවට එකම පදක්කමක්වත් එකතු කර ගන්නට නොහැකි වූ අතර ඒ අනුව පළමු දිනයේ දිනූ රන් පදක්කමකට තවත් රන් පදක්කම් දෙකක් එකතු කර ගත් ඉතාලිය දෙවන දිනය නිමාවන විට රන් 3 ක් පමණක් දිනා ගෙන ක්‍රීඩා උළෙලේ පෙරමුණේ රැඳෙන්නට සමත්ව තිබෙනවා.

ෂේනබ් ඩොස්සෝ දිනා ගත් රන් පදක්කම ලෝකයේම අවධානය දිනා ගත් එකක් වුණා.ඇය ගෘහස්ත මලල ක්‍රීඩා ලෝකයේ වර්ථමානයේ නිල වේගවත්ම කාන්තාව බවට පත්වෙමින් ලෝක සූරිය වීම සඳහා මීටර් 60 ඉසව්ව තත්පර 7 න් නිමා කරන්නට සමත් වුණා.එසේම ඉතාලිය ගැන වැඩි විශ්වාසයක් නැති මීටර් 3000 ඉසව්වේ රන් පදන්නම නාඩියා බැටොක්ලෙට්ටි විසින් ඉතාලියට දිනා දීමත් විශේෂ කරුණක් වුණා.ඇය විනාඩි 8:57.64 ට ඉසව්ව නිමා කරන්නට සමත් වුණා.

ඇමෙරිකාවට මේ වන විට දෙවන ස්ථානයේ රන් පදක්කම් ප්‍රමාණයට ද තීරණාත්මක බලපෑමක් ඇති වී තිබෙනවා.පළමු දිනයේ දෙවන තැන සිටි යුක්රේනය වෙනුවෙන් කාන්තා උස පැනීමේ තරගයේදී ලෝක වාර්තාලාභි මුහුචික් කළ ආකාරයෙන්ම පිරිමි උස පැනීමේ තරගයෙන්ද ඔලේ ඩොරෙස්ච්හුක් යුක්රේනයට රන් පදක්කම දිනා දුන්නා.ඒ අනුව මේ වන විට ඇමෙරිකාව දෙවැනි වී සිටින්නේ යුක්රේනයට වඩා ඇමෙරිකාව වැඩි රිදී පදක්කම් ප්‍රමාණයක් දිනා සිටින නිසයි.

එසේම දෙවන දිනයේ තරග උළෙලේ ලෝක වාර්තාවක් පිහිටුවීම සඳහා ස්විට්ස්ර්ලන්තයේ සත් ප්‍රයාම සූර සයිමන් එහාම්මර් සමත් වුණා.ඉකුත් වසරේ ලෝක ගෘහස්ත තරගාවලියේ රිදී පදක්කම්ලාභියා වූ එහාම්මර මෙවර රිදී පදක්කමේ සිට රන් පදක්කම කරා ළගා වෙද්දී ලකුණු 6670 ක ලකුණු ප්‍රමාණයක් ලබසින් ඉසව්වේ ලෝක වාර්තාවද සිය නමට ලියා ගැනීමට සමත් වුණා.

The post ඇමෙරිකාවට රත්තරන් නැති දවසක් appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here