ඉන්ධන සැපයුම සහ මිල සංශෝධන පිළිබඳව අමාත්‍ය නලින්දගෙන් පැහැදිළි කිරීමක්!

0
3

රෂිකා හෙන්නායක මාර්තු 22, කොළඹ LNW :

පවතින ඉන්ධන සැපයුම සහ මිල සංශෝධන පිළිබඳව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින්කරුණු පැහැදිලි කිරීමක් සුදු කළේය.

ඉදිරි සති කිහිපය තුළ මෙරටට ළඟා වීමට නියමිත ඩීසල් සහ පෙට්‍රල් නෞකා පිළිබඳ තොරතුරු මෙහි ඇතුළත් වන අතර, ලෝක වෙළඳපොලේ මිල ඉහළ යෑමේ බලපෑම ද එහි සාකච්ඡා වේ.

රජය විසින් ඉන්ධන සඳහා ලබාදෙන විශාල සහනාධාරය හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෑතකදී සිදුකළ මිල ඉහළ දැමීම්වලින් පසුව පවා, පාරිභෝගිකයා වෙනුවෙන් රජය මසකට බිලියන 20ක පිරිවැයක් දරන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළ අතර, “මාර්තු 7,8 දිනවල පෙට්‍රල් මෙ.ටො. 37,000ක නැවක් ලංකාවට ගෙන්වා ගත්තා. ලෝක වෙළෙඳපොලේ මිල ගණනන් වැඩිවීම මේකට ඇතුළත් වෙලා තියෙනවා.ඒ වගේම මාර්තු 25වනදා ඩීසල් මෙ.ටො. 37,000ක නැවක් පැමිණීමට නියමිතයි” යැයි පැවසීය.

මාර්තු 17 වෙනිදා යොමුකළ ටෙන්ඩරයට අනුව මෙරටට ගෙන්වා ගැනීමට නියමිත ඉන්ධන ප්‍රමාණයන් පිළිබඳව අමාත්‍යවරයා මෙලෙස අදහස් දැක්වීය.

අප්‍රේල් 6,7,8 – ඩීසල් මෙක්ට්‍රින් ටොන් 37,000ක නැව් දෙකක්
අප්‍රේල් 12 සහ 13 – දැවි තෙල් මෙක්ට්‍රින් ටොන් 30,000ක්
අප්‍රේල් 10 සහ 11 – ජෙට් A1 මෙක්ට්‍රින් ටොන් 35,000
අප්‍රේල් 16 සහ 17 – පෙට්‍රල් මෙක්ට්‍රින් ටොන් 30,000ක්

අප්‍රේල් මාසයට නියමිත මෙක්ට්‍රින් ටොන් 30,000 බොරතෙල් නැව පැමිණෙන්නේ නැති අතර, ඒ වෙනුවට ජූනි මාසයේ දී මෙක්ට්‍රින් ටොන් 30,000ක බොරතෙල් නෞකාවක් පැමිණීමට නියමිතයි. ඊයේ (21) සිදුකළ ඉන්ධන මිල වැඩිකිරීම තුළ ඩීසල් ලීටරයකට රු 100ක් සහ පෙට්‍රල් ලීටරයක් සඳහා රු 20ක් රජය විසින් දරාගෙන ඇති බවත්, ඒ වෙනුවෙන් මාසයකට රුපියල් බිලියන 20ක් රජය දරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.රජයට මෙම බර සම්පූර්ණයෙන්ම දැරීමට සිදුවන්නේ නම් වසරකට රජයට ඩොලර් බිලියන 1.5ක අමතර වැය බරක් දැරීමට සිදුවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

The post ඉන්ධන සැපයුම සහ මිල සංශෝධන පිළිබඳව අමාත්‍ය නලින්දගෙන් පැහැදිළි කිරීමක්! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here