ලෝකය කම්පණයට පත් කළ තෙල් මිල… – Saru News | සිංහල

0
5

යුද්ධය ආරම්භ වීමෙන් පසුව ලේක ආර්ථිකයේ බලශක්ති සැපයුමට අසීමිත බලපෑමක් එල්ල වී ඇති බවත් එය කලමණාකරණය කර ගැනීමට එක් එක් රටවල් විවිධ පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග අනුගමණය කර ඇති බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස හදිසි මාධ්‍ය හමුවක් කැඳවමින් පෙන්වාදෙනු ලැබීය.

අද (22) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පවත්වන ලද එම මාධය හමුවේදී ඉන්ධන මිල ලංකාව තුළ කලමණාකරනය කර ගැනීමට ගෙන ඇති පියවර පැහැදිලි කරමින් ලෝක වෙළඳපොළේ මිල ඉහළයාම පිළිබඳව විශේෂයෙන් අවධාරණය කරනු ලැබීය.

යුද්ධය ආරම්භ වූ පෙබරවාරි 28 වෙනි දින ලෝක වෙළඳපොළේ ඔක්ටේන් 92 පෙට්‍රල් බැරලයක් ඩොලර් 79.63ක මිලක පැවති අතර මාර්තු 20 වෙනි දින වනවිට එය ඩොලර් 150.61ක් දක්වා ඉහළගොස් තිබිණි. එය තොල් බැරලයක් සඳහා ඩොලර් 70.98ක් වූ අතර වැඩිවීමේ ප්‍රතිශතය 89%ක් වූ බව හෙළි කළේය.

එමෙන්ම ඩීසල් බැරලයක මිල පෙබරවාරි 28 වෙනි දින වනවිට ඩොලර් 92.26කු වූ අතර මාර්තු 20 වෙනි දින වනවිට එය ඩොලර් 222.01 දක්වා වැඩි වී තිබේ. මේ අනුව ඩොලර් 129.76ක වැඩිවීමක් සිදුව තිබූ අතර එම වැඩිවීමේ ප්‍රතිශතය 141%ක් වී තිබිණි.

ඊට අමතරව මර්බර්න් වර්ගයේ බොරතෙල් බැරලයක් පෙබරවාරි 28 වෙනි දින ඩොලර් 72.25ක මිලක සිට මාර්තු 20 දින වනවිට එය ඩොලර් 138.06ක් දක්වා ඉහළ නැග ඇත. ඒ අනුව වැඩිවීම ඩොලර් 66.35ක් හෙවත් 92%ක් බව වාර්තා වී තිබිණි.

මේ අනුව ශ්‍රී ලංකාව තුළ ඉන්ධන මිල ඉහළ දැමීමෙන් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 20ක් සහ ඩීසල් ලීටරයකින් රුපියල් 100ක් රජය දරාගෙන තිබේ. මේ වෙනුවෙන් මසකට රුපියල් කෝටි 2,000ක අමතර වියදමක් රජයට වැය කිරීමට සිදුව ඇත.

ලෝක වෙළඳපොළේ මෙම මිල ගණන් ඉහළයාමට සාපේක්ෂව මෙරට තුළ ඉන්ධන භාවිතය කලමණාකරණය කර ගනිමින් මිල ගණන්ද තීරණය කිරීමට සිදු වී ඇති බව ඇමතිවරයා පෙන්වා දෙනු ලැබීය.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here