ඌරගස්මංහන්දියේ වෙඩි තැබූ පුද්ගලයින් සොයා පොලිස් විමර්ශන

0
20


ඇල්පිටිය, ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කළ පුද්ගලයා කරාපිටිය ජාතික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

ඌරගස්මංහන්දිය බෙලිගස්වේල්ල ප්‍රදේශයේ නිවසක රැඳී සිටි පුද්ගලයෙකුට ඊයේ රාත්‍රියේ එලෙස වෙඩි තබා ඇති බවයි පොලීසිය පැවසුවේ.

වෙඩි තැබූ පුද්ගලයින් කවුරුන්ද සහ වෙඩි තැබීමට හේතුව  මෙතෙක් අනාවරණ වී නැහැ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here