ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ අද (14) ප.ව. 4.41කට පමණ රික්ටර් මාපකගේ 5.8ක භූමිකම්පාවක් ඇතිව තිබේ.
එරට මාධ්‍ය වාර්තා කළේ ගුවහාටි ආසන්නයේ මෙය ඇතිව ඇති බවයි.
මෙහි ප්‍රබලත්වය උතුරු බෙංගාලයට මෙන්ම අසල්වැසි භූතානයට ද දැනී ඇත.
මෙම භූමිකම්පාව කිලෝමීටර 5ක් පමණ පොළව අභ්‍යන්තරයේ සිදුව ඇති අතර, ඉන් සිදු වූ තුවාල හෝ දේපළ හානි පිළිබඳ තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත.
ඉකුත් සැප්තැම්බර් 2 වනදා ද ඇසෑම් ප්‍රාන්තයේ සෝනිත්පූර් හි 3.5ක භූමිකම්පාවක් ඇති වූ අතර, ඉන් දින කිහිපයකට පසු මෙය සිදුවිය.
Saru FM Media