දිට්වා නිසා පුද්ගලයින් 173ක් තවමත් අතුරුදන්

0
12

දිට්වා සුළි සුළඟත් සමඟ මෙරට තුළ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් තවදුරටත් පුද්ගලයින් 173 දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

නුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 69 දෙනෙකු සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 38 දෙනෙකු අතුරුදන්ව සිටිති.

ජනවාරි මස 25 වැනිදාට අදාළ වාර්තාවක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය සඳහන් කළේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගලයින් තිස් දෙදෙනෙකු අතුරුදන්ව සිටින බවය.

ආපදා තත්ත්වය හමුවේ පුද්ගලයින් 649 දෙනෙකු මිය ගොස් ඇති බවත් ඉන් වැඩිම පිරිස නුවර දිස්ත්‍රික්කයේ වන අතර එම සංඛ්‍යාව 243ක් බවත් එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 89 දෙනෙකු සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 81 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇත.

එමෙන්ම තවදුරටත් සුරක්ෂා මධ්‍යස්ථාන 85ක පුද්ගලයින් 6,680 දෙනෙකු රඳවා සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here