දිනකට විදුලිය ගිගාවොට් පැය දෙකක් රටට අහිමි වෙලා – පාඨලී

0
12

ප්‍රශ්නගත ගල්අඟුරු ටෙන්ඩරය හේතුවෙන් දිනකට ගිගාවොට් පැය දෙකක් රටට අහිමිවී ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අද (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ආන්දෝලනාත්මක ගල්අඟුරු වංචාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පැවසුවේ සිදුවූ පාඩුව, අදාළ සමාග‍මෙන් අයකරගැනීමට බලාපොරොත්තු වන දඩය මෙන් දෙගුණයකට ආසන්න බවය.

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ගෙන්වීමෙන් රුපියල් කෝටි දහසකට ආසන්න පාඩුවක් සිදුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩී.වී.චානක මහතා පසුගියදා පාරිලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එම ප්‍රකාශයත් සමඟ ඒ පිළිබඳ රට තුළ ඇතිවූයේ ආන්දෝලනාත්මක තත්ත්වයකි.

මේ අතර බලශක්ති අමාත්‍යාංශය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ගොඩබෑම් වරායේ තත්ත්ව පරීක්ෂණ වාර්තාව මෙතෙක් නිකුත් වී නොමැති නිසා ගල්අඟුරුවල ගුණාත්මකභාවය පිළිබඳ නිවැරදි අදහසක් පළ කළ නොහැකි බවය.

එමෙන්ම ගල්අඟරුවල ප්‍රමිතියේ අඩුවක් ඇත්නම් එම සමාගමෙන් දඩ අයකරගත හැකි බව ද මින් පෙර අවස්ථාවකදී බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සඳහන් කළේය.

මෙවැනි පසුබිමක ප්‍රශ්නගත ගල් අඟුරුවල, ප්‍රමිතියේ අඩුවක් ඇති බව රජයේ පාර්ශ්වයෙන් ඊයේ අනාවරණ කෙරුණේ කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසිනි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here