මෙරට ඩිජිටල් රූපවාහිනී විකාශන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ඉංජිනේරු උපදේශන සේවා ගිවිසුමට අත්සන් තැබේ

0
13


මෙරට භෞමික රූපවාහිනී විකාශන ඩිජිටල්කරන ව්‍යාපෘතිය හෙවත් ෘඔඔඊ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළව ඉංජිනේරු උපදේශන සේවා ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.

ඒ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ඉසොමතා  අකිඕ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේදීයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ  ජපාන ඉංජිනේරු උපදේශන සේවා ආයතනය වෙනුවෙන්  එහි කළමනාකරණ අධ්‍යක්ෂ ගාකු අඩාචි මහතා ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.

ජයිකා මූල්‍ය හා තාක්ෂණික ආධාර ඇති ව මෙම ව්‍යාපෘතිය මෙහෙයවනු ලබන්නේ ජනමාධ්‍ය අමාත්‍යංශය විසින්.

ලොවපුරා වේගයෙන් ඩිජිටල්කරණය වෙමින් පවතින ප්‍රවණතාවයට අනුගත වීම මෙහි මූලික අරමුණ වනවා.      

ඒ ඔස්සේ භෞමික රූපවාහිනී සංඥා දුර්වලතා නොමැතිව සුපැහැදිළි දසුන් සහිත වැඩසටහන් නැරඹීමේ හැකියාව රූපවාහිනී ප්‍රේක්‍ෂකයන් වෙත හිමි වන බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here