මැතිවරණ පැමිණිලි ගණන 500 ඉක්මවයි

0
15


පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මේ වන විට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 527ක් දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඊයේ පස්වරු 04යි 30න් අවසන් වූ ගතවූ පැය 24ක කාලය තුළදී පැමිණිලි 71ක් ලැබී ඇති බවයි එම කොමිෂන් සභාව පැවසුවේ.

ඉන් පැමිණිලි 69ක් නීති උල්ලංඝණය කිරීම්වලට අදාළව ලැබී ඇති අතර පැමිණිලි දෙකක් වෙනත් පැමිණිලි යටතේ ලැබී තිබෙනවා.

මේ දක්වා ලැබී ඇති පැමිණිලි 527න් පැමිණිලි 482ක් විසඳා ඇති අතර සෙසු පැමිණලි 45ට අදාළව අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here