මැදපෙරදිග කලාපයේ ඇතිව තිබෙන යුධමය තත්වයත් සමග ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ ගොස් තිබේ.
මේ අනුව ලංකාවේද ඉන්ධන මිල යළි ඉහළ දමා ඇත.
ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල රුපියල් 81කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 398කි.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක් රුපියල් 90කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 455කි.
සුදු ඩීසල් මිල රුපියල් 79කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 382කි.
සුපර් ඩීසල් මිල රුපියල් 90කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 443කි.
භූමි තෙල් මිල රුපියල් 60කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 255කි.
අදාළ නිවේදනය පහතින් දැක්වේ.
3
Saru News
















