බලශක්ති ක්ෂේත්‍රයේ ඇති කරගත් එකඟතාවල ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක්

0
11

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල් අමේරි මහතා (Khaled Nasser AI Ameri) අද (26) පෙරවරුවේ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමුව තිබේ.

පසුගිය කාලවල විශේෂයෙන්ම බලශක්ති ක්ෂේත්‍රයේ සබඳතා වර්ධනට කර ගැනීම සම්බන්ධයෙන් ඇති කර ගත් එකඟතාවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීමත් අදාළ ක්ෂේත්‍රවල නව සබඳතා ගොඩනගා ගැනීම පිළිබඳවත් සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණ වී ඇත.

තවද විශේෂයෙන් ත්‍රිකුණාමලය ආශ්‍රිත ප්‍රදේශය බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය්‍ය අතර පසුගිය වසරේදී අත්සන් කළ එකඟතා ගිවිසුම හා සම්බන්ධ ඉදිරි කටයුතුද මෙහිදි සාකච්ඡා කර තිබේ.

එමෙන්ම කලාපයේ බලශක්ති සුරක්ෂිතතාව සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමටත් මෙරට බලශක්ති අරමුණු ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීම ඇතුළු කාරණා රැසක් මෙම හමුවේදි සාකච්ඡා කල බව සඳහන් වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here