යාල කිරින්ද වනජීවි කලාපයේ වෙඩි තැබීමක්!

0
3

රෂිකා හෙන්නායක මාර්තු 21, කොළඹ LNW :

යාල ජාතික වනෝද්‍යානයේ කිරින්ද, බැබුව ප්‍රදේශයේ සිදුවූ සතුන් දඩයම් කිරීමේ උත්සාහයක් පිළිබඳව වාර්තා වෙයි.

එහිදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තැබීමක් සිදු කර ඇති අතර, වනජීවී නිලධාරීන් එම ස්ථානයට පැමිණෙන විට සැකකරුවන් පළා ගොස් තිබේ.

මෙම නීතිවිරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් කිරින්ද පොලීසිය මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

පලාගිය රථය සහ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා අසල පිහිටි අනෙකුත් පොලිස් ස්ථාන ද දැනුවත් කරමින් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

The post යාල කිරින්ද වනජීවි කලාපයේ වෙඩි තැබීමක්! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here