ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ වඩාත් අවදානය දිනා ගන්නා ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය අද (14) පැවැත්වීමට නියමිතව තිබේ.
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8.00ට පැවැත්වීමට නියමිතය.
තරගාවලියේ ඒ කාණ්ඩයෙන් තරග වදින එම කණ්ඩායම් දෙකම මේ වන විට සහභාගී වූ පළමු තරගය ජයගැනීමට සමත්ව තිබේ.
ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින මතභේදාත්මක වාතාවරණය දෙරට අතර ක්‍රිකට් තරග සදහා ද බලපෑම් එල්ල කර ඇති අතර පසුගිය අප්‍රේල් මාසයේ සිදුවූ පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මෙම තරගය ඉන්දියාව වර්ජනය කළ යුතු බවට ද ඇතැම් පාර්ශ්ව අදහස් පළ කර තිබුණි.
එමෙන්ම ඉන්දීය ආම්ආද්මි පක්ෂය ප්‍රකාශ කර ඇත්තේ මෙම තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායම සහභාගී කරවීමෙන් ඉන්දීය මධ්‍යම රජය පෙහෙල්ගම් ප්‍රහාරයේ වින්දිතයින් නින්දාවට ලක්කර ඇති බවය.
Saru FM Media