නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි ඉන්දුනීසියානු ජාතිකයන් 76දෙනෙකු අද (20) පස්වරුවේ මීගමුව, පෝරුතොට ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ලද බුද්ධි තොරතුරු මත එහි විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ වැටලීමක දීය.
මෙම පිරිස වයස අවුරුදු 25ත් 35 අතර පසුවන්නන් වන අතර, ඔවුන් අතරින් 06දෙනෙකු කාන්තාවන් වේ.
සංචාරක වීසා සහ ව්‍යාපාරික වීසා පහසුකම් යටතේ මෙරටට පැමිණ ඇති මොවුන්ගෙන් 36දෙනෙකුගේ වීසා කාලය කල් ඉකුත් වී ඇති බවද වාර්තා වේ. අනෙක් ඉන්දුනීසියානු ජාතිකයන් 40දෙනා, වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස මෙරට තුළ රැදී සිටි බවද වාර්තා වේ.
ආගමන විගමන පාලක ජනරාල් චමින්ද පතිරාජ මහතාගේ උපදෙස් මත මෙම පිරිස, වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා ඇති අතර ඔවුන් කඩිනමින් මෙරටින් පිටුවහල් කිරීමට පියවර ගන්නා බවද පැවසේ.
Saru News
















