ජොන්ස්ටන් සහ පුත්‍රයින් දෙදෙනා ඇතුළු 5ක් යළිත් රක්ෂිත බන්ධනාගාරයට – Saru News | සිංහල

0
4

සිය පුතුන් දෙදෙනා අධ්‍යක්ෂ ධූර හෙබවූ පුද්ගලික සමාගමේ එතනෝල් ප්‍රවාහනයට සතොස ලොරි රථ සහ රියදුරන් යොදවමින් රජයේ මුදල් හා දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීම, කූඨලේඛන සැකසීම හා ඊට ආධාර අනුබලදීම යන චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් 05 දෙනා ලබන 02 දින දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල වැඩබලන මහේස්ත්‍රාත් එරංගා සිරිසේන අද (20) නියෝග කර තිබේ.

ඒ, හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05දෙනා ZOOM තාක්ෂණය ඔස්සේ වත්තල වැඩබලන මහේස්ත්‍රාත් එරංගා සිරිසේන හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

මොවුන්ට එරෙහිව නඩු පවරා ඇත්තේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට 2015 ලැබුණු පැමිණිල්ලකට අදාළව කළ විමර්ශනයකට අනූවය.

විජයකලා මහේෂ්වරන් හිටපු මන්ත්‍රීවරියට අයත් කොළඹ පිහිටි ඉඩමක ලිපිනයක ඔවුන් පවත්වාගෙන ගිය සමාගමක නමට සුවඳ විලවුම් වර්ග සහ පිරිසිදු කාරක නිෂ්පාදනය සදහා යැයි පෙන්වා සුරාබදු බලපත්‍රයක් ලබාගෙන එමගින් එතනෝල් ලීටර් ලක්ෂයක් මිලදී ගෙන ඒවා වෙනත් කටයුතු සදහා යොදවා ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සතොස ලොරියක් යොදා ගනිමින් අවස්ථා තුනකදී එතනෝල් ලීටර 40,000ක් වෙනත් ස්ථානයකට ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා ගොනුකර ඇත්තේ, රාජ්‍ය දේපල සාවද්‍ය පරිහණය යටතේය.

එම එතනෝල් ප්‍රවාහනය කර ඇත්තේ ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් ස්කාගාරයකට බවද වාර්තා වේ.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here