ඉන්දීය අගමැතිගේ සංචාරය හේතුවෙන් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

0
11


ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් කොළඹ සහ ප්‍රදේශ කිහිපයක සිදුකරන විශේෂ රථවාහන සැලැස්ම පිළිබඳ පොලිස් මාධ්‍ය කොට්ඨාසය අද (4)  විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා අද (04) පස්වරුවේ පැමිණෙන හෙයින් අද (04) සවස 6 සිට රාත්‍රී 10 දක්වා කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය හා බේස්ලයින් මාර්ගය අවස්ථා කිහිපයකදී වසා තැබීමට සිදු වන බව සඳහන්.

මෙම කාලසීමාව තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණෙන පුද්ගලයන්ට මෙම මාර්ග වසාතැබීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ගමනාගමන කටයුතු සැලසුම් කරගන්නා ලෙස දැනුම්දී තිබෙනවා.

එමෙන්ම අප්‍රේල් 5වනදා කොළඹ ගාලුමුවදොර ප්‍රදේශය, නිදහස් චතුරශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය, බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ මාර්ග වරින්වර වසා දැමීමට සිදුවන බව ද සඳහන්.

ඒ හේතුවෙන් සිදුවන අපහසුතාවය අවම කර ගැනීම සඳහා විකල්ප මාර්ග වෙත යොමු කිරීමට රථවාහන නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here