ශ්‍රී ලංකාවට අති නවීන පහසුකම් සහිත ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණයක්

0
10


ආසියානු පාපන්දු සම්මේලනයේ සභාපති ෂෙයික් සල්මන් බින් එබ්‍රහිම් අල් කලීෆා සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අතර සාකච්ඡාවක් ඊයේ (03) කොළඹ දී පැවැත් වුණා.

මෙම අවස්ථාවට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න ද සහභාගී වී සිටියා.

පාපන්දු ක්‍රීඩාවේ උන්නතිය උදෙසා ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ සම්බන්ධව නවීන පහසුකම් සහිත ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණයක් මෙරටට ලබාදීමට කටයුතු කරන බව ආසියානු පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා මෙහිදී පවසා තිබෙනවා.

ඒ, සඳහා අවශ්‍ය ඉදිරි සැලසුම් පිළිබඳව මෙහි දී සාකච්ඡා කෙරුණු බවයි වාර්තා වුණේ.

බොහෝ ආසියානු රටවල් ආර්ථිකය හමුවේ දූෂණයට ලක් ව ඇති නමුත්, වත්මන් ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සමඟ ශ්‍රී ලංකාව රටක් ලෙස ඉදිරියට ගමන් කරමින් පවතින බවයි සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here