නවසීලන්ත රග්බි කණ්ඩායමක් ලබන මසදී මෙරටට

0
13


ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරඟ දෙකකින් යුත් තරඟාවලියක් සඳහා කිලෝග්‍රෑම් 85ට අඩු බර කාණ්ඩයේ නවසීලන්ත රග්බි කණ්ඩායම ලබන මස මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

එම තරඟාවලියේ පළමු තරඟය මැයි මස 04 වනදා නිට්ටවෙල රග්බි ක්‍රීඩාංගණයේදීත් දෙවන තරඟය මැයි මස 10 වන දින කොළඹ තුරඟ තරඟ පිටියේදීත් පැවැත්වීමට නියමිතයි. 

මෙම තරඟාවලියට අනුග්‍රාහකත්වය දරන්නේ ඩයලොග් ආසියාටා ආයතනයයි.

මෙම තරඟාවලියේ තරඟ දෙකම ඩයලොග් ටී වී නාලිකා අංක 126 ඔස්සේ සහ ඩයලොග් වියු ඇප් ඔස්සේ සජීවීව විකාශය කිරීමටද නියමිතව තිබෙනවා. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here