අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව, මේ වනවිට මරණීය දණ්ඩනය නියම වී බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (20) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට අවසර ලබා දී තිබේ.
ඒ අනුව, මේ මස 23 වැනිදා පෙරවරු 10.00ට බන්ධනාගාරය තුළදී දුමින්ද සිල්වාගෙන් අදාළ ප්‍රකාශය සටහන් කර ගන්නා ලෙසයි මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම වැඩිදුරටත් නියම කර ඇත.
මහේස්ත්‍රාත් විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය. ප්‍රකාශය සටහන් කර ගන්නා අවස්ථාවේදී දුමින්ද සිල්වාට නීතිඥ සහාය ලබා ගැනීමට හැකි බවද අධිකරණය සඳහන් කර තිබේ.
අල්ලස කොමිසම විසින් හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වාට එරෙහිව මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ, නීතිවිරෝධී ලෙස වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින `දෙමටගොඩ රුවන්’ නැමති සැකකරුට ඇප ලබා ගැනීමට අවශ්‍ය කටයුතු ඉටු කරදීම සඳහා, රුපියල් ලක්ෂ 50ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියකට ආධාර අනුබල දීම සම්බන්ධයෙනි.
0
Saru News
















