කරණ්දෙණිය කොටවෙල ප්‍රදේශයේදී පසුගිය 11 වන දින සවස් කාලයේදී මවක සහ පුත්‍රයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු තියුණු ආයුධයක් සමග කරන්දෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අසල්වැසි නිවසේ පදිංචි අයෙකු වන අතර ඔහු නීතිවිරෝධී මත්පැන් ජවාරමේ නියුතු අයෙකු මෙන්ම කපා කොටා ප්‍රදේශවාසීන් බිය වැද්දීම්වලට අදාළ නඩු පවතින අයෙකු බවද පොලීසිය පැවසීය.
මේ වන විට මියගිය දෙදෙනාගේ මෘතදේහ ඥාතීන්ට භාරදී ඇති අතර අද සවස ඔවුන්ගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.
Saru FM Media