ඉදිරි වසර 5 ලෝකයටම අතිශය බරපතළයි – Saru News | සිංහල

0
9

ඊශ්‍රායලය විසින් ඉරානයේ එල්. එන්. ජී. (LNG) ගෑස් බෙදා හැරීමේ මධ්‍යස්ථානයට එල්ල කළ ප්‍රහාරයෙන් සිදු වූ විනාශය නැවත ගොඩ නගා ගැනීම සඳහා ඩොලර් බිලියන 26ක වියදමක් දැරිය යුතු බවත්, එය ඉදි කිරීමට වසර 3 -15 අතර කාලයක් ගත වනු ඇති බවත් විශේෂඥයින් උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊශ්‍රායලය ඉරානයේ එම ගබඩා මධ්‍යස්ථානයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව ඉරානය ද මැදපෙරදිග කලාපයේ තිබෙන බහුජාතික සමාගම්වලට අයත් එල්.එන්. ජී මධ්‍යස්ථාන රැසකට පහර දී දැඩි අලාභ හානි සිදු කර තිබිණි.

මේ අතර, විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ වහාම ක්‍රියාත්මක වන පරිදි යුද්ධය අවසන් කළ ද නැවත කිසි දිනෙක යුද්ධයට පෙර පැවති මට්ටමට ඉන්ධන මිල අඩු නොවන බව ය. විනාශ කළ ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථාන සහ ගබඩා යළි ගොඩ නැගීමට ඩොලර් බිලියන සිය ගණනක් වැය කිරීමට සිදුවීම නිසා ඉන්ධන මිල පෙර පැවති තත්වයට අඩු නොවන බව ඔවුන් පෙන්වා දී ඇත.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here