කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.
පෙ. ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහායි වෙන්කර ඇත.
පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.
පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා විරුද්ධ පක්ෂය විසින් 2026.03.19 දින ඉදිරිපත් කරන ලද “ලෝකයේ පවතින වර්තමාන තත්ත්වය” පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාව දෙවැනි දිනටත් විවාදයට ගැනීමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව තිබේ.
මැදපෙරදිග අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ සූදානම සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවයි වාර්තා වේ.
Saru News
















