දකුණු කොරියානු ජනපතිට එරෙහි දෝෂාභියෝගය සම්මත වෙයි

0
13


දකුණු කොරියාවේ ජනාධිපති යූන් සුක් යෝල්ට එරෙහි දෝෂාභියෝගය තහවුරු කිරීමට එරට ව්‍යවස්ථා අධිකරණය තීරණය කර තිබෙනවා.

එරට අධිකරණය පවසන්නේ ජනාධිපති යූන් සුක් යෙයොල් යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් දකුණු කොරියානු ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවයි.

ඒ අනුව යූන් සුක් යෝල්ට වහාම ජනාධිපති ධුරයෙන් ඉවත් වන ලෙසටද එරට ව්‍යවස්ථා අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි දින 60ක කාලය තුල දකුණු කොරියාවේ හදිසි මැතිවරණයක් පැවැත්වීමට ද නියමිත බවයි වාර්තා වන්නේ.

එතෙක් දකුණු කොරියානු වැඩබලන ජනාධිපතිවරයා ලෙස හන් දොක් සූ කටයුතු කරනු ඇති. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here