රුපියල් මිලියන 210කට අධික වටිනාකමකින් යුත් රන් බිස්කට් තොගයක් නීති විරෝධීව රැගෙන යාමට උත්සාහ කළ බව කියන ශ්‍රී ලංකා ගුවන් තොටුපළ සහ ගුවන් සේවා හී කාර්ය මණ්ඩල සාමාජිකයෙකු අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
54 හැවිරිදි මෙම පුද්ගලයා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ කාර්ය මණ්ඩල පිවිසුමේදී අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව කැරට් 24ක රන් බිස්කට් කිලෝ 5.94ක් තිබී රේගු භාරයට ගෙන තිබේ.
සැකකරු විසින් ඔහුගේ මේස් මත සඟවා මෙම රන් බිස්කට් තොගය ගුවන් තොටුපළ පරිශ්‍රයෙන් පිට කිරීමට තැත් කර ඇති බවද රේගුව පැවසීය.
Saru FM Media