අපනයන ක්ෂේත්‍රයේ අභියෝග ජයගැනීමට රජයේ උපරිම සහාය – ජනපති අවධාරණය කරයි – Saru News | සිංහල

0
3

අපනයනය ප්‍රමුඛ ලෙස සලකා ක්ෂේත්‍රයට එල්ල වී ඇති අභියෝග ජය ගැනීම සඳහා රජයක් ලෙස කළ යුතු සියලු මැදිහත්වීම සිදු කරන බව ජනාධිපති අනුර දිසානායක අවධාරණය කළේය.

ජනාධිපති මේ බව සඳහන් කළේ උද්ගතව ඇති තත්වය හමුවේ අපනයන ක්ෂේත්‍රයට එල්ල වී ඇති අභියෝග ජය ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමට ක්ෂේත්‍රයේ ප්‍රධාන අපනයනකරුවන් හා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.

මෙහිදී විශේෂයෙන් අපනයන ක්ෂේත්‍රයට මෙන්ම නිෂ්පාදකයන්ට සහ සේවා සපයන්නන්ට ඉන්ධන සපයා ගැනීමේදී මුහුණ දීමට සිදුව ඇති ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිව අවධානය යොමු විය.

ජාතික ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම අවම කර ගනිමින් උද්ගතව ඇති තත්වය කළමනාකරණය කර ගැනීම සඳහා අපනයන ක්ෂේත්‍රයට ප්‍රමුඛතාව දී කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.

ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු සහ ඒ පිළිබඳ අපනයනකරුවන් සහ ක්ෂේත්‍රයේ නියුතු පිරිස් විසින් ඉදිරිපත් කළ අදහස් සහ යෝජනා පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

කම්කරු ඇමති සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ සහ බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඕමාර්, ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදයේ සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු,  ශ්‍රී ලංකා රබර් නිෂ්පාදකයන්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිසිර රණතුංග, ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති හුසේෆා අක්බරලි, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය, කන්ටේනර් ප්‍රවාහනකරුවන්ගේ සංගමය, ලංකා පොල් ආශ්‍රිත කර්මාන්තකරුවන්ගේ මණ්ඩලය, ජාතික අපනයකරුවන්ගේ මණ්ඩලය ඇතුළු  අපනයන ක්ෂේත්‍රයේ, නිෂ්පාදන සහ සේවා සපයන ආයතනවල නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here