නිවෙසේ සේවකයන් ඉදිරියේදී දරුවන් බලාගන්නා කාන්තාවක නිරුවත් කර එම වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයා කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ප්‍රසිද්ධ ව්‍යාපාරික Prestige Rubbers (Pvt) Ltd ආයතනයේ සභාපති ශෂ්නි කමර්දීන් (Shzni Kamardeen) ඇතුළු තිදෙනාට චෝදනා ගොනු කරන ලෙස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන දිසාවට අංක 6 මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (02) නියෝග කළේය.
මේ නඩුව සම්බන්ධෙයන් කරුණු දැක්වීමට ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන දිසාවේ පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පරීක්ෂක නිමාලි ෆොන්සේකා පෙනී සිටියේය.
බොරැල්ලේ පදිංචි කමර්දීන් මහතාට, ඊට ආධාර අනුබල දුන් බව කියන ඇහැලියගොඩ මොහොමඩ් රසීඩ් හා මොහොමඩ් හනිපා යන සැකකරුවන්ද අද අධිකරණය හමුවේ පෙනීසිටියේය.
සැකකාර ව්‍යාපාරිකයා තම දරුවන් බලා ගත් සේවිකාවට මරණීය තර්ජනය කර අමානුෂික ලිංගික හිංසන සිදුකර එය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරුණි.
සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා පෙනී සිටි අතර මේ නඩුව ලබන 26 වැනිදා යළි කැඳවීමට නියෝග කෙළ්ය.
මේ අතර, පැමිණිලි පාර්ශවයෙන් වින්දිත කාන්තාවට මූල්‍ය වන්දියක් ලබාදී මේ නඩුව සමතයකට පත්කර ගැනීමට යෝජනාවක් කර ඇති බවද වාර්තා වේ.
සබැඳි පුවත්:
Saru News
















