රෂිකා හෙන්නායක මාර්තු 19, කොළඹ LNW :
මේ වනවිට ක්‍රියාත්මක ඉන්ධන කෝටා ක්‍රමය සඳහා මහජනතාව ලියාපදිංචි වීම පිළිබඳ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය නිකුත් කළ දත්තවලට අනුව, ලියාපදිංචි වී ඇති මුළු සංඛ්‍යාව මිලියන 5.6 ඉක්මවා ගොස් ඇති බව සඳහන් වේ.
විශේෂයෙන් මාර්තු මස මැද භාගයේ සිට දිනපතා ලියාපදිංචි වන පිරිසෙහි සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙන අතර, එක් දිනක් තුළ පමණක් ලක්ෂ පහකට අධික පිරිසක් අලුතින් පද්ධතියට එක්වී ඇත. ඒ අනුව, මාර්තු 15 දින 42,899ක්, මාර්තු 16 දින 337,068ක්, මාර්තු 17 දින 395,349ක් සහ මාර්තු 18 දින 301,463ක් ලෙස නව ලියාපදිංචීම් වාර්තා වී ඇති බවද වාර්තා වේ.
මෙමගින් රටේ බලශක්ති කළමනාකරණ පද්ධතිය කෙරෙහි ජනතාව දක්වන දායකත්වය සහ එහි වර්තමාන ප්‍රගතිය පැහැදිලි කෙරේ .
සියලුම සංඛ්‍යාලේඛන මගින් පෙන්නුම් කරන්නේ QR කේත ක්‍රමය භාවිත කරන්නන්ගේ වේගවත් ඉහළ යෑමයි. මෙය ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ ක්‍රියාවලියේ තීරණාත්මක පියවරක් ලෙස හඳුනාගත හැකිය.


The post QR කේතයට නව ලියාපදිංචිවීම් ලක්ෂ 5 ඉක්මවයි! appeared first on LNW Sinhala.
Saru News
















