සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දකුණු කොරියානු ජනාධිපති යූන් සුක්-යොල් රට තුළ යුධ නිතිය ප්‍රකාශයට පත් කිරීම නීති විරෝධී බවත් ධුරයේ බලය අනිසි ලෙස භාවිතා කර ඇති බවටත් දකුණු කොරියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය ඒකමතිකව ජන්දය ප්‍රකශ කර ධුරයෙන් පහකර ඇති බව වාර්තා වේ.
රාජ්‍ය විරෝධී සහ උතුරු කොරියානු හමුදා රජයට රිංගා ඇති බව පවසමින් යූන් දෙසැම්බර් 3 වන දින සවස් වරුවේ පැය කිහිපයකට යුද නීතිය ප්‍රක්ෂයට පත්කළ අතර ඒ වෙනුවෙන් කරන ලද විමර්ශනවලදී සාක්ෂි ලබා දෙනු ලැබූ ජ්‍යෙෂ්ඨ හමුදා සහ පොලිස් නිලධාරීන් සාක්ෂි දී ඇත්තේ යූන් ප්‍රතිවාදී දේශපාලනඥයන් රඳවා තබා ගැනීමට සහ ඔහුගේ හමුදා පාලන නියෝගය ඉවත් කිරීම සඳහා සභාව ඡන්දය දීම වැළැක්වීමට බලපෑම් කළ බවටයි.
මේ හේතුවෙන් දකුණු කොරියාවේ ජාතික සභාව දෙසැම්බර් 14 වන දින යූන් දෝෂාභියෝගයට ලක් කළ නමුත් ඔහුව විධිමත් ලෙස නෙරපා හැරීමට ඔවුන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ අනුමැතිය අවශ්‍ය විය. ඒ අනුව ජනාධිපතිවරයා ධුරයෙන් පහ කිරීමත් සමඟ නව මැතිවරණය කැඳවීමට රජයට දින 60 ක් ඇති අතර, වැඩබලන ජනාධිපති හැන් ඩක්-සූ එතෙක් ඔහුගේ තනතුරේ රැඳී සිටිනු ඇත.
Saru FM Media