උත්සව සමයේ සිදුවන හදිසි අනතුරු ගැන සැලකිළිමත් වන්න – සෞඛ්‍ය අංශ

0
12


උත්සව සමයේදී සිදුවන හදිසි අනතුරු පිළිබඳ සැලකිළිමත්වෙමින් එම හදිසි අනතුරු වළක්වා ගැනීමට උත්සාහ කරන්නැයි ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පවසනවා.

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ අනතුරු අවම කර ගැනීම සම්බන්ධ‍යන් ඊයේ (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එකවෙමින් විශේෂඥ වෛද්‍යවරයා මේ බව පැවසුවා.

සිංහල සහ දමිළ අලුත් අවුරුදු සමයේදී හදිසි අනතුරු හේතුවෙන් රජයේ රෝහල්වලට වැඩි වශයෙන් රෝගීන් ඇතුලත් වන බවද ඒ මහතා පෙන්වා දුන්නා.

සෑම වසරකම අප්‍රේල් 08 සිට 15,16 යන කාල සීමාවේදී හදිසි අනතුරු හේතුවෙන් රෝගීන් 28,000ක් – 30, 000ක් පමණ සතියක් තුළදී රෝහල්ගත වන බව හෙතෙම පැවසුවා.

උත්සව සමයේ රථ වාහන අනතුරු වැඩි වශයෙන් සිදුවන බවත් එයින් රෝහල් ගතවන රෝගීන් සංඛ්‍යව ඉතා ඉහළ බවත් ඒ මහතා පෙන්වා දුන් අතර වැටීම් , සතුන් සපා කෑම් මෙන්ම පුද්ගලයන් අතර ඇති වන ආරවුල් හේතුවෙන් රෝහල් ගත වන රෝගීන් ද සිටින බව පෙන්වා දුන්නා.

එබැවින් මෙම උත්සව කාලයේදී ඉතා ප්‍රවේසමෙන් එම සතුට භුක්ති විඳින ලෙසත් ,අනතුරු හැකි තරම් වළක්වා ගැනීමට කටයුතු කරන ලෙසද විශේෂඥ වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here