ඡන්දය අස්සේ ආණ්ඩුව දෙන්න ගිය අවුරුදු සහන මල්ලට තහංචියක් !

0
24


සටහන – රුවන් නෙළුගොල්ල

සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සතොස හරහා සහන මිලට ආහාර ද්‍රව්‍ය මල්ලක් ලබාදීමට රජය ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසම දැනුම් දී තිබේ.

ඒ අනුව එම සහන මල්ල පළාත් පාලන මැතිවරණය අවසන් වීමෙන් පසුව බෙදාදෙන ලෙසයි මැතිවරණ කොමිසම ජනාධිපති ලේකම්වරයාට සහ වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිත හා සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම්දී ඇත්තේ.

2025 අයවැය යෝජනාවකට අනුව රුපියල් 5000ක් වටිනා ආහාර ද්‍රව්‍ය අඩංගු මල්ලක් මෙසේ රුපියල් 2500 ක සහන මිලට අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අලුතින් අයදුම්පත් ඉදිරිපත් කර ඇති පවුල් 812,753ක් සඳහා ලබාදීමට සැලසුම් කර තිබිණි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here