අමෙරිකානු තීරු බදුවල බලපෑම අවම කර ගත හැකි මගක් විද්වතුන් පෙන්වයි

0
17


අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ සියයට 44ක තීරු බදු ප්‍රතිශතය අඩු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව විසින් අමෙරිකානු භාණ්ඩ සඳහා පනවා ඇති සියයට 88ක් වන බද්ද අඩු කළ යුතු බව විද්වතුන් පවසනවා.

එසේ නොවුනහොත් එය මෙරට ආර්ථිකයට අහිතකර ලෙස බලපෑ හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

අමෙරිකාව ගනු ලැබූ තීරණය හේතුවෙන් මෙරට ඇඟලුම් කර්මාන්තයට වැඩිම බලපෑමක් එල්ල විය හැකි බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පෙන්වා දෙන්නේ. 

Neth Sound · PROF WASANTH 01

මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන ආචාර්ය චමින්ද පී කල්පගේ මහතා පෙන්වා දෙන්නේ මෙම ප්‍රශ්නය විසඳා ගැනීමට නොහැකි වුවහොත් අමෙරිකානු ගැණුම්කරුවන් ශ්‍රී ලංකාව සමග පවත්වන ගණුදෙනු අත්හැර ඊජිප්තුව වැනි රටවල් සමග ගණුදෙනු කිරීමේ ඉඩකඩක් නිර්මාණය විය හැකි බවයි. 

Neth Sound · DR KALPAGE 02

 

මතුව ඇති ගැටලුකාරී තත්ත්වය විසඳා ගැනීම සඳහා ශ්‍රී ලංකාව අමෙරිකානු බලධාරීන් සමග කඩිනමින් සාකච්ඡා ආරම්භ කළ යුතු බවත් අමෙරිකාව ඊට දොර විවෘත කර ඇති බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පෙන්වා දුන්නා. 

Neth Sound · PROF DUNUSINGHA 03

මේ අතර අමෙරිකානු නව තීරු බදු ක්‍රමය පිළිබඳ රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුව ඊයේ පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වුණා.

ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.

එම තීරු බදු පැනවීමේ පසුබිම සහ පදනමත්, මෙවැනි විශාල අගයකින් තීරු බදු පැනවීම නිසා කුඩා ආර්ථිකයක් හිමි අප වැනි රටවලට මුහුණ දීමට සිදුවන ආර්ථික අභියෝග පිළිබඳවත් මෙහිදී පුළුල්ව විමසා බැලුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.  

උද්ගතව ඇති නව තත්ත්වය හමුවේ රටක් ලෙස ක්‍රියා කළ යුතු ආකාරය සහ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද එහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here