හිටපු මැති ඇමතිවරු රොත්තක් පසුපස සීඅයිඩීය ලුහුබඳී

0
14


ජනාධිපති අරමුදලට අයත් මුදල් වංචනික ලෙස ලබා දීමෙන් සිදු කර ඇති මූල්‍ය අපරාධ සම්බන්ධ විමර්ශන මේ වන විට දියත් කර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ 2008 වසරේ සිට 2024 දක්වා කාලය තුළ අනීතික ලෙස ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගත් හිටපු මැති ඇමතිවරු සම්බන්ධයෙන් එම පරීක්ෂණ දියත් කර ඇති බවයි.

කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් අප්‍රේල් මස 02 වෙනි දින ලබා දෙන ලද නියෝගයක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශයෙන් එම විමර්ශන දියත් කර තිබේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here