සෞඛ්‍ය ඇමති නලින්දගෙන් අපහාස කළ විමල්ට සහ පුද්ගලික නාලිකාවකට රු. බිලියනයක් වන්දි ඉල්ලා එන්තරවාසි… – Saru News | සිංහල

0
6

සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත එල්ල කරනු ලැබූ පදනම් විරහිත අසත්‍ය චෝදනාවලට එරෙහිව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංසගෙන් සහ පෞද්ගලික නාලිකාවකින් රුපියල් බිලියනයක් වන්දි ඉල්ලා පසුගිය මාර්තු 03 වැනිදා කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස පියවර ගෙන තිබේ.

ඒ පසුගිය දිනෙක විමල් වීරවංස විසින් පවත්වන ලද ප්‍රසිද්ධ රැස්වීමක දී, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙරට තුළ අසාදු ලේඛනගත ඖෂධ සමාගමක ක්‍රෙඩිට් කාඩ්පතක් (Credit Card) භාවිතකර භාණ්ඩ මිලදී ගත් බවට ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙනි.

එම අසත්‍ය චෝදනාව විමල් වීරවංසගේ ෆේස්බුක් ගිණුම හරහාද පෙබරවාරි 07 වන දින එම පෞද්ගලික නාලිකාවේ ප්‍රධාන පුවත් විකාශයේ ලෙස විශේෂ අවධානයක් සහිතවද ප්‍රචාරය කිරීම හේතුවෙන් මෙසේ අධිකරණය මාර්ගයෙන් කටයුතු කර ඇත.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස සිදුකරන ලද ප්‍රකාශයේ සමස්ත අර්ථයෙන්ද සෘජුද, වක්‍රෝත්තියෙන්ද අපහාසාත්මකවන බැවින් ඇමති නලින්ද ජයතිස්සගේ කීර්ති නාමයට හානිකර වී ඇති බැවින් එම අපහාසාත්මක ප්‍රකාශය වෙනුවෙන් විත්තිකරුවන්ගෙන් එක්ව හෝ වෙන් වෙන්ව මෙම වන්දි මුදල අය කර දෙන ලෙසටද ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබේ.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here