යුද්ධයේ සැබෑ වින්දිතයන්ගේ හෘද සාක්ෂිය වේදිකාවට ගෙනා “යකාවැවට නන්දිකඩාල්” – Saru News | සිංහල

0
10

ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය විසින් අනුරාධපුර සහ මුලතිව් දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් යුද්ධයේ සැබෑ වින්දිතයන්ගේ හෘද සාක්ෂිය වේදිකාවට ගෙන ඒමේ ප්‍රයත්නයක් ලෙස නිෂ්පාදනය කරන ලද “යකාවැවට නන්දිකඩාල්” වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය ප්‍රදර්ශනය කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයින්ගේ සහභාගීත්වයෙන් කොළඹ, බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා කමත පරිශ්‍රය රංග ශාලාවේදී  2026 ජනවාරි 23 පස්වරුවේ පැවැත්විණි.

යුද්ධයෙන් පීඩාවට පත් කැබිතිගොල්ලෑව යකාවැව ප්‍රදේශයේ ජන කණ්ඩායමක සහ මුලතිව් නන්දිකඩාල් ප්‍රදේශයේ ජන කණ්ඩායමක අත්දැකීම් පාදක කරගනිමින් වේදිකා නාට්‍ය නිර්මාණය කර තිබිම විශේෂත්වයකි.

භාෂාමය අසීරුතාවයන් මඟ හැරවීම සඳහා එකම අවස්ථාවේ සිංහල සහ දෙමළ භාෂා දෙකෙන්ම වේදිකා නාට්‍යයේ රංගනය සිදු කිරීමට කටයුතු කර ඇති අතර සමස්ත නාට්‍ය කණ්ඩායම 45 දෙනෙකුගෙන් සමන්විතය.

යුද්ධයට මුහුණ දුන් ජීවිත, ඔවුන්ට විදීමට සිදු වු වේදනාවන් යුද්ධයේ වේදනාව ඔවුන් බෙදාගත් ආකාරය වේදිකා නාට්‍ය පුරාවට කතා කරනු ලබයි.

රංගනයෙන් දායක වු අය සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීම ප්‍රධානත්වයෙන් සිදු වු අතර, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලයේ සභාපති විජිත් රොහාන් ප්‍රනාන්දු ඇතුළු ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලයේ උසස් නිලධාරීන් වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය නැරඹීමට එක්ව සිටියහ.