අමෙරිකානු තීරු බදු අඩු කර ගැනීමට සාකච්ඡා අරඹන බවට රජයෙන් ප්‍රකාශයක්

0
12


අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ සියයට 44ක තීරු බදු ප්‍රතිශතය අඩු කර ගැනීම සඳහා ඉදිරි දින කිහිපය තුළ අමෙරිකානු බලධාරීන් සමග සාකච්ඡා ආරම්භ කරන බව රජය පවසනවා.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් දැනටමත් යම් ආකාරයක අදහස් හුවමාරු කර ගැනීමක් සිදු කර ඇති බවයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලොව රටවල් රැසකට පැනවූ තීරු බදු සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

Neth Sound · DR ANIL 01

අමෙරිකාවේ නව බදු පැනවීම සම්බන්ධයෙන් කල් ඇතිව අවධානය යොමු කරමින් ඒ පිළිබඳ රජය සාකච්ඡා සිදු කළ බවයි අමාත්‍යවරයා කියා සිටියේ. 

Neth Sound · DR ANIL 02

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා.

Neth Sound · DR ANIL 03



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here