මැදපෙරදිග ඇතිව තිබෙන යුද්ධයෙන් මෙරට ජන ජීවිතය යථාපරිදි පවත්වාගෙන යාම සහ ආර්ථිකයට සිදුවන බලපෑම අවම කර ගැනීම සඳහා අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්ට අමතරව අමාත්‍ය මණ්ඩල අනු කමිටු 04ක් පත් කර තිබේ.
පසුගි දිත්වා සුලි කුණාටුවෙන් පසුව පත් කළ අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්ගේ විශයපතය මෙම අර්බුදයට මූණදීම සඳහා අවශ්‍ය පරිදි පුළුල් කර ඇත. ඊට අමතරව රාජ්‍ය සේවාවන් පිළිබඳ කමිටුව අගමැති ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇත.
බලශක්ති කමිටුව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාකර ඇමති විජිත හේරත්ගේ ප්රධානත්වයෙන්ද අත්‍යාවශ්‍ය භාණ්ඩ සේවා බෙදා හැරීම හා අධීක්ෂණය සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්දන ඇමති බිමල් රත්නායකගේ ප්රධානත්වයෙන්ද සමාජ සුභසාදන කටයුතු වෙනුවෙන් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් ඇමති ආචාර්ය උපාලි පන්නිලගේ ප්රධානත්වයෙන්ද පත් කරනු ලැබීය.
ඊයේ (16) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම කමිටු පත් කර අවශ්‍ය සැලසුම් සකස් කිරීම් සහ ක්‍රියාත්මක කිරීම මෙන්ම අධීක්ෂණය කිරීමේ කටයුතු පවරා දී තිබේ.
5
Saru News
















