රෂිකා හෙන්නායක මාර්තු 17, කොළඹ LNW :
පවතින ඉන්ධන අර්බුදය හමුවේ රජය විසින් සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
මෙම තීරණය පාසල්, විශ්වවිද්‍යාල සහ අධිකරණ පද්ධතියට ද සෘජුවම බලපාන අතර එදිනට උපකාරක පන්ති පැවැත්වීම ද තහනම් වේ.
කෙසේ වෙතත්, සෞඛ්‍ය, වරාය, ජලය සහ බලශක්ති වැනි අත්‍යවශ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා මෙම නිවාඩුව එම අංශවලට අදාළ නොවන බව අවධාරණය කර ඇත.
රටේ වත්මන් තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම පියවර ගෙන ඇති අතර ඉදිරි කටයුතු අධීක්ෂණයට විශේෂ කමිටු හතරක් ද පත් කර තිබේ.
මෙම වැඩපිළිවෙළ මගින් බලශක්ති හිඟය හමුවේ රාජ්‍ය අංශයේ කටයුතු වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාම අපේක්ෂා කෙරේ.


The post සෑම බදාදාවකම පාසල් නිවාඩුයි: එදිනට උපකාරක පන්ති පැවැත්වීම ද තහනම්! appeared first on LNW Sinhala.
Saru News
















