වෛද්‍යවරුන් සුවිශේෂී වෘත්තියක අය. ඔවුන්ගේ ඉන්ධන කෝටාව ඉදිරියේදී වැඩිකරනවා – ඇමති හංසක

0
3

වෛද්‍යවරුන් යනු සුවිශේෂී වෘත්තියක නියැළෙන අය බැවින් ඔවුන්ගේ අවශ්‍යතාවයට අනුව ඉදිරියේදී ඉන්ධන කෝටාව සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.

“QR කෝඩ් එක දැම්මාම, බාගත කිරීමේ ප්‍රශ්න ඇති වෙනවා. යම් යම් තාක්ෂණික ප්‍රශ්න ඇති වෙනවා. දවසක් දෙකක් මේ ප්‍රශ්න තියෙයි. ඒවා තිබිලා විසඳිලා යාවි.

අපි මේක හඳුන්වලා දීලා තියෙන්නේ පොදු චක්‍රලේඛයක් විදිහට තමයි තියෙන්නේ. සුවිශේෂී වූ රැකියා කාණ්ඩ තියෙනවා. සුවිශේෂී වූ සංවර්ධන ව්‍යාපෘතිවල යෙදෙන වාහන තියෙනවා. ඒවාට අදාළ වෙන වෙනම වූ මඟපෙන්වීම් සහ චක්‍රලේඛයන් ඉදිරි දවස් දෙක තුන තුළ එළිදක්වයි. වෛද්‍යවරුන් කියන්නේ, සුවිශේෂී වෘත්තීයක අය. සුවිශේෂී වූ සංවර්ධන ව්‍යාපෘතිත් තියෙනවා. ඒක නිසා පුද්ගලයෙක්ට හෝ වාහනයකට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය නිශ්චිත අගයක් තිබීම අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ.

ඒවායේ තියෙන සුවිශේෂිතාව හඳුනගෙන ඒවාට තියෙන චක්‍රලේඛ ඉදිරියේදී හඳුන්වා දෙනකොට වෛද්‍යවරුන්ගේ අවශ්‍යතා හඳුනාගෙන ඊට අදාළ චක්‍රලේඛ ඉදිරියේදී නිකුත් වෙයි”

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (16) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

The post වෛද්‍යවරුන් සුවිශේෂී වෘත්තියක අය. ඔවුන්ගේ ඉන්ධන කෝටාව ඉදිරියේදී වැඩිකරනවා – ඇමති හංසක appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here