එස්.එම්. රංජිත් ගෙන් අභියාචනයක්

0
18


දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී වසර 16 බැගින් සිර දඬුවම් නියම වී සිටින උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන අය එම දඩුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

එම අභියාචනය අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කිරිම සඳහා එය කොළඹ මහාධිකරණයට භාර දී ඇති අතර එම අභියාචනා පෙත්සම් තුළින් පෙත්සම්කරුවන් කියා සිටින්නේ අදාළ නඩු විභාගයේදී තමන් විසින් ඉදිරිපත් කළ කරුණු මහාධිකරණ විනිසුරුවරයා විසින් තීන්දුව ලබාදීමේදී සැලකිල්ලට භාජනය කර නොමැති බවයි.

ඒ අනුව තමන්ව අදාල චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසත් ඔවුන් අභියාචනාධිකරෙන් ඉල්ලා තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here