පාරිභෝගික අධිකාරියේ වැටලීම් අඛණ්ඩව

0
14


උත්සව සමයේ පාරිභෝගිකයන් වෙළෙඳපොළේ දී අසාධාරණයට ලක්වීම වැළැක්වීම සඳහා පාරිභෝගික අධිකාරිය මේ දිනවල විශේෂ වැටලීම් සිදුකරනවා.

දිවයින පුරා පිහිටි සුපිරි වෙළෙඳසැල් 23ක් ද මෙසේ විශේෂ පරීක්ෂාවට ලක්කෙරුණා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ වන විට සිය මෙහෙයුම් දැඩිකර තිබෙනවා.

ඒ අනුව සුපිරි වෙළෙඳසැල් 23ක් විශේෂ පරීක්ෂාවට ලක්කෙරුණු අතර එයින් දහසයකම කල්ඉකුත් වු භාණ්ඩ අලෙවියට තබා තිබියදී හමුවුණා.

එමෙන්ම භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකිරීම , වැඩි මිලට අලෙවි කිරීම ,පාරිභෝගිකයන් නොමග යැවීම සහ භාණ්ඩවල සඳහන් කළ යුතු තොරතුරු නොමැතිව අලෙවි කිරීම යන වැරදි නිලධාරීන් හඳුනාගත්තා.

පසුගිය වසරේ කළ විමර්වශනලදී ද ජාල වශයෙන් පවත්වාගෙන යන සුපිරි වෙළෙඳසැල් ශාඛා 172කට එරෙහිව නඩු පවරා තිබෙනවා.

එමෙන්ම එම ආයතනවලින් රුපියල් මිලියන 6.5කට අධික දඩු මුදලක් අධිකරණය හරහා අයකර ගෙන තිබෙනවා.

තමන් මිලදී ගන්නා භාණ්ඩ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පාරිභෝගික අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව හිසකෙස් වර්ණක ව්‍යාජ ලෙස සකස් කරමින් තිබු ස්ථානයක් මෝදර මට්ටක්කුලිය ප්‍රදේශයේ දී වටලා තිබෙනවා.

රුපියල් මිලියන 28ක් පමණ වටිනා ව්‍යාජ නිෂ්පාදන ඇසුරුම් එක්ලක්ෂ තිස්දහසක තොගයක් මෙහිදි නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

පිටකොටුව පළමු හරස් විථිය ප්‍රදේශයේ විදුලි උපකරණ අලෙවිසැල් වැටලීමට පාරිභෝගික අධිකාරිය ක්‍රියාකළා.

දුර බැහැර ප්‍රදේශවලට පිටකොටුව හරහා ගමන් කරන බොහෝ පිරිසක් මෙම වෙළෙඳසැල්වලට පැමිණෙනවා.

ප්‍රමිති සහතික නොමැති වීම ඇතුලු අක්‍රමිකතා රැසක් හදුනාගැනීමට මෙහිදි හැකිවුණා.

එවැනි වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

මේ අතර කුලියාපිටිය නගරයේ පවත්වාගෙන යන ආපන ශාලා ඇතුලු ව්‍යාපාරික ස්ථාන රැසක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පරීක්ෂාවට ලක්කෙරුණා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here