98 වන ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය හිමකර ගැනීමට හොලිවුඩ් නළු “Michael B. Jordan” හැකියාව ලැබුණි.
”Sinners” චිත්ර පටයේ ඔහුගේ චරිතය වෙනුවෙන් “Michael B. Jordan” හොඳම නළුවා ලෙස සම්මාන මෙවර ඔස්කාර් සම්මාන රාත්රියේ දී සම්මානයට පාත්ර විය.
මේ අතර 98 වන ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය මෙවර දිනා ගත්තේ අර්යලන්ත නිළියක වන “Jessie Buckley” විසිනි. ඒ, 2025 වසරේ තිරගත වූ ”Hamnet” චිත්රපටයේ දැක්වූ විශිෂ්ඨ රංගනය වෙනුවෙනි.
‘Weapons’ චිත්රපටය වෙනුවෙන් “Amy Madigan” හොඳම සහාය නිළියට හිමි සම්මානය දිනා ගත්තාය.
“One Battle After Another” චිත්රපටය වෙනුවෙන් “Sean Penn” හොඳම සහාය නළුවාට හිමි සම්මානය හිමි කරගත්තේය.
හොඳම සිනමා නිර්මාණයට හිමි සම්මානය හිමිවූයේ “One Battle After Another’ චිත්රපටයටයි. “KPop Demon Hunters” චිත්රපටයට මෙවර හොඳම සජීවිකරණ චිත්රපටයට හිමි සම්මානය හිමිවිය.










Saru News
















