ලෝකයම භීතියෙන් වෙලෙයි – අප්‍රකාශිත 3 වෙනි ලෝක යුද්ධය? – Saru News | සිංහල

0
3

ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව ආරම්භ කරන ලද යුද්ධය තුන්වෙනි සතියටත් අවතීර්ණ වී ඇති අතර, මුළු ලෝකයේ ම ආර්ථිකය සහ සාමාන්‍ය ජන ජීවිත තිගැස්මකට ලක් වී ඇති බව ජාත්‍යන්තර විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.

යුද්ධය ආරම්භ කිරීමට සැලැස්මක් තිබූ ඇමරිකාවට සහ ඊශ්‍රායලයට එය අවසන් කිරීමේ උපායමාර්ගික කිසිදු සැලැස්මක් නොමැති බවත්, එම තත්වය හමුවේ ඉරානයට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කර යුද්ධය අවසන් කිරීමට ඉඩ ඇති බවටත් විශ්ලේෂකයන් රැසක් කරුණු ඉදිරිපත් කර ඇත. එවැනි න්‍යෂ්ටික ප්‍රහාරයකින් පසුව ඉරානයේ න්‍යෂ්ටික වැඩ සටහන සම්පූර්ණයෙන් විනාශ කළ බව ඇමරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ප්‍රකාශ කරමින් යුද්ධය අවසන් කරන බවට ප්‍රකාශයක් නිකුත් කරනු ඇතැයි ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දී ඇත.

මේ අතර, යුද්ධය ආරම්භ කරන විට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අතර පැවති අවබෝධය සහ සැලසුම් සහගත ක්‍රියාමාර්ග මේ වනවිට නිරීක්ෂණය නොවන බව පෙන්වා දී තිබේ. ඉරානයට අයත් තෙල් අපනයන මධ්‍යස්ථානයක් වන කාහ් දූපතට ඇමරිකාව ප්‍රහාර එල්ල කිරීම තනිකරම හිතුවක්කාරී ක්‍රියාමාර්ගයක් මෙන් නිල නොවන වශයෙන් තුන්වන ලෝක යුද්ධයක් පිළිබඳ ප්‍රවේශයක් වී ඇති බව ද විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ. ඉරානය පිළිබඳ අවතක්සේරු කරමින් ආගමික නායකත්වය ඇතුළු එරට අධ්‍යාත්මික නායක මණ්ඩලය විනාශ කිරීමෙන් එරට සම්පූර්ණයෙන් යටත් කර ගත හැකි බවට ඇමරිකාවට තිබූ පුරෝකථන මේ වනවිට බිඳ වැටී ඇති බව ද පෙන්වා දෙති.

මුළු ලෝකය ම මේ වනවිට දරුණු ආර්ථික අර්බුදයක් කරා යොමු වී ඇති අතර, එය දෙවන ලෝක යුද්ධයේ දී ඇති වූ ආර්ථික බිඳ වැටීමට වඩා දරුණු වනු ඇති බව ද තවත් විශ්ලේෂකයින් පෙන්වා දී ඇත.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here