ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් මේ මස අග දිවයිනට පැමිණිමට නියමිතව තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දෙන ණය පහසුකමේ 6 වැනි ණය වාරිකයට පෙර කෙරෙන සමාලෝචන සාකච්ඡා සඳහා ඔවුන් එලෙස පැමිණෙන බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසා සිටී.
මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති ණය වාරික සංඛ්‍යාව 05 කි.
මෙරට ආර්ථික කාර්ය සාධනය සඳහා IMF කොන්දේසි අනුව රජය විසින් ගෙන ඇති පියවර පිළිබඳ එහිදි පුළුල් ලෙස සමාලෝචනය කිරීමට නියමිත බවද පැවසේ.
ඉන් අනතුරුව හයවැනි ණය වාරිකය මුදා හැරීම සම්බන්ධයෙන් අවශ්‍ය එකගතාවලට එළඹිමට නියමිත බවද ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා කියයි.
Saru News
















